gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

හලාවතදී බසයකට යටවී කාන්තාවෝ 2ක් මරුට


හලාවතල මුන්නේෂ්වරම ප්‍රදේශයේදී බස් රථයකට යටවී කාන්තාවන් දෙදෙනෙක් ඊයේ :05* උදෑසන 7ග00ට පමණ මියගොස් ඇතග ඒ එක් කාන්තාවක් මාර්ගයේ සිටි තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාව
බස් රථයේ ගමන් කරමින් සිටි තැනැත්තියකිග මාර්ගයේ සිටි කාන්තාව බස් රථයේ ගැටීමෙන් ඊට යටවී මියගොස් ඇති අතර අනෙක් කාන්තාව මියගොස් ඇත්තේ මාර්ගයේ සිටි කාන්තාව අනතුරට ලක්වන විට රියැදුරා බසයේ තිරිංග එකවර ක්‍රියාත්මක කිරීම නිසා බසයෙන් පිටතට වීසිවි එම බස් රථයටම යටවී බව ‍පොලීසියි කියයිග එසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හලාවත-මයික්කුලම-අලඹ පදිංචිකාරියක් වන මිහිඳුකුලසූරිය මේරි මාලනී කමලානි පෙරේරා :60* සහ හලාවත මුන්නේෂ්වරම-අයියනායක දේවාලය පාර පදිංචිව සිටි ලීනා හේරත් වනිගසුන්දරී :50* බවට හඳුනාගෙන ඇතග අනතුරට සම්බන්ධ බස් රථය කුරුණෑගල සිට හලාවත දක්වා ගමන් කරමින් තිබි ඇතග මුන්නේෂ්වරම දේවාලය පසු කර මද දුරක් හලාවත දෙසට බස් රථය ගමන් කරමින් තිබෙන  විට මාර්ගය අයිනේ සිටි කාන්තාවක් බස් රථයේ ගැටී ඇතග ඒ සමග රියදුරා තම බස් රථයේ තිරිංග තද කර ඇතග තිරිංග තද කරන අවස්ථාවේදී බස් රථයේ සිටි කාන්තාවක් ඉන් බිමට වැටී එම බස් රථයටම යටවී ඇති බව ‍පොලීසිය කියයිග අනතුරට පත් කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇතග අනතුරට සම්බන්ධ බස් රථය සහ රියදුරුව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතග හලාවත ‍පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඩීගඑම්ග දහනායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයිග

0 comments:

Post a Comment

gossippanda