gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

2013 ස්ත‍්‍රී නිරුවත පැහැදිලිව දුටු වසරයි


2013 වසර හිප්ස්ටර් විලාසිතාවේ වසර ලෙස ටම්බ්ලර් විසින් නොනිල වශයෙන් ප‍්‍රකාශ කොට තිබුණද පාක්ස් ඇන්ඞ් රෙක්රියේෂන් මාලා නාටකයේ නිළි රෂිඩා ජෝන්ස් 2013 වසර නම් කිරීම සඳහා වෙනත්
මගක් ගෙන තිබේග ඇයට අනුව 2013 යනු ස්ත‍්‍රී නිරුවත පැහැදිලිව දැකගත හැකිවූ වසරයිග  ඔක්තෝබර් මසදී ට්විටර් හරහා ගණිකාවන් ලෙස හැසිරීම නවත්වන්නැයි සෙසු නිළියන්ට පැවසූ ජෝන්ස් ඒ පිළිබඳ ක්‍ෂේත‍්‍රය තුළින් ප‍්‍රහාරයකට ලක්වියග

ග්ලැමර් සගරාවේ ජනවාරි කලාපයට ඇය පොප් සංස්කෘතිය කාමුකකරණයට ලක්වීම කෙරෙහි තම විරෝධය පිළිබඳව පැහැදිලිකිරීමක් සිදුකර තිබේග  ඇය පවසා ඇත්තේ ලිංගිකත්වය විදහා දැක්වීම කාන්තාව සතු අයිතියක් බව තමන් පිළිගන්නා බවයිග  නමුත් එය ප‍්‍රමාණය ඉක්මවූ විට ගැටළුවක් පැන නගින බව පවසන රෂිඩා ජෝන්ස් උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ රූපවාහිනි නාට්‍යයකදී අසභ්‍ය වචනයක් දෙකක් භාවිතා කිරීම ගැටළුවක් නොවන මුත් 10ක් දැරිය නොහැකි බවයිග

ලිංගික හැගීම් උද්දීපනය කරන කථා 3ක් ඇතිමුත් 8ක් යනු අධික භාවිතයක් වන අතර කාමුක ඡුායාරූප සහ පොප් සංස්කෘතිය පිළිබඳ සලකන විට ඒවා නිසි ප‍්‍රමාණය ඉක්මවා ඇති බව පැහැදිලි වන්නේ යයි ඇය වැඩිදුරටත් පවසා තිබේග

ලිංගික රුචීන් පිළිබඳ කාන්තාවන් ලැජ්ජාවට පත්කිරීමට තමන් අකමැතිමුත් පොප් සංස්කෘතිය පමණ ඉක්මවා කාමුකකරණය වීම පිළිබඳව සංවාදයක් ඇරඹිය යුතුව තිබෙන බව ඇගේ අදහසයිග  ස්තී‍්‍රවාදියකු බවට පත්වීමට මීට වඩා වෙනස් ක‍්‍රමවේදයන්ද පවතින බව රෂිඩා ජෝන්ස් පවසා ඇතග

0 comments:

Post a Comment

gossippanda