gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

පෙම්වතිය සමඟ හනිමුන් ආ ශ්‍රමණ වේශධාරියා ආපසු යද්දී මාට්ටු


බාල වයස්කාර දැරියක සම`ග නුවරඑළියේ විනෝදචාරිකාවක් සඳහා පැමිණ උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයේ ලැගුම්හලක දින දෙකක් ගතකොට ආපසු යමින් සිටි තරුණ ශ‍්‍රමණ වේශධාරියෙක් උඩුපුස්සැල්ලාව
පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ විමසිලිමත්භාවය නිසා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මොහු බළපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක ශ‍්‍රමණ වේශධාරියෙකි. ¥ෂණයට ලක්වී ඇතැයි පැවසෙන 15 හැවිරිදි තරුණියද එම විහාරස්ථානය අසලම නිවෙසක පදිංචිකාරියක බවටත් ඔවුන් දෙදෙනා කලක සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි කර ගැනීමට හැකිවී ඇත.

පිටපළාතක ත‍්‍රීවීල් රථයක් තුළ තරුණ ශ‍්‍රමණ වේශධාරියකු හා තරුණියක එකට ගමන් කරනවා දැක ඇති වූ සැකය මත පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි විය.පසුගිය දෙවැනිදා ඔවුන් බළපිටියේ සිට ත‍්‍රීවීල් රථයකින් උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයට පැමිණ කාමරයක නැවතී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා දින දෙකක් එකට ගතකොට හතර වැනිදින ආපසු යද්දී මෙසේ පොලිසියට ඇස ගැටී ඇත.

මෙම තරුණියගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඇය ශ‍්‍රමණ වේශධාරියා අතින් අතවරයට ලක්වූ බව ප‍්‍රකාශ කොට ඇත. තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා මේවනවිට නුවරඑළිය මහරෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වේ.

සැකකාර ශ‍්‍රමණ වේශධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොළ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

gossippanda