gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

ලංකාවෙ පොලීසිය හාවා ඇල්ලූ කතාව


පාලිත තෙවරප්පෙරුම කළුතර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රිවරයා සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ශ‍්‍රී ලංකා පොලිසිය ගැන උපහාස කතාවක් පැවැත්වූවා. එය මෙසේය.


ලෝකයේ දක්ෂතම පොලිසිය සෙවීමේ තරගයක් එංගලන්තයේ පැවැත්වුණා. ඒ තරගයේදී කරන්න  ඕනෑ කැලෑවකට දමන භාවෙක් සෙවීමයි. පළමුවෙන්ම තරගෙට එංගලන්තයේ පොලිසිය ආවා. ගහක් ගලක් දිය ඇල්ලක් හැර සොයා බලා පරීක්ෂා කළ ඔවුන් වර්තාවක් දුන්නා. 
මේ කැලෑවේ කිසිම ගහකට දිය ඇල්ලකට පරිසරයට හාවාගෙන් කිසිම හානියක් සිදු නොවන බව. ඔවුන් වාර්තා කළා. 
දෙවැනියට ආවේ ඇමෙරිකාවෙන්. 

ඔවුන් පිස්තෝල තුවක්කු මැෂින් තුවක්කු ආදියේ එම මියසිල දක්වා ගෙනාවා. 
දිගට තරගයට කැලෑවට වෙඩි තබා විනාශ කළා. දැන් ඉතින් හාවාගෙන් කිසිම කරදරයක් වන්නේ නැහැයි ඔවුන් ප‍්‍රකාශ කළා. ඊළ`ගට ආවේ ශ‍්‍රී ලංකාවේ පොලිසියයි. ටික වේලාවක් ගියා. 

කැලෑවෙන් මහ අඳෝනාවක් ඇහෙන්න පටන් ගත්තා. බුදු අම්මෝ ගහන්න එපෝ.. මරන්න එපෝ කියලා. කෑගැහිල්ලක් ඇහුණා. මොකක්ද මේ කෑගැහිල්ල. මේ පොලිසිය වළහෙක් අල්ලාගෙන. හෙඳටම ගහලා. අනේ ගහන්න එපා. මම කියන්නම් මම තමයි ඒ හාවා කියලා වළහා කිව්වා.
ඔන්න ඔහොමයි අපේ පොලිසියේ හැටි...

පොලිසිය මහජනතාවට සමීප කිරීමටය කියල පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිසිවල තාප්ප ඉවත් කළා. එයින් පස්සේ මහජනයා ආරක්ෂා කළාද? තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා නැවත ප‍්‍රශ්න කළා.

0 comments:

Post a Comment

gossippanda