gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

කොඳු ඇට පෙළේ අස්ථි නොකපා සැරව ගෙඩියක් ඉවත් කරයි


පස් හැවිරිදි දරුවකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් අටට පැලී තිබූ එම දරුවාගේ හිස්කබල බද්ධ කොට සම්පූර්ණ සුවය ලබා දුන් කරාපිටිය මහ රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පනස් හතර
හැවිරිදි පුද්ගලයෙකුගේ සුසුම්නාව ආශ්‍රිතව තිබූ සැරව ගෙඩියක් කොදු ඇට පෙළේ අස්ථි නොකපා විස්මිත සැත්කමක් සිදුකොට එම රෝගීයාට සම්පූර්ණ සුවය ලබාදී තිබේග කොදු ඇට පෙළ විවර නොකර එහි අස්ථි නොකපා එම සැරව ගෙඩිය ඉවත් කිරීමට හැකිවිම මේ සැත්කමේ විශේෂත්වය වී තිබේග එමෙන්ම සැත්කමෙන් පසු මාස ගණනක් රෝහල්ගතව සිටිය යුතු රෝගියා මේ විස්මිත සැත්කම නිසා දින දෙකකින් රෝහලෙන් පිටව යාමට තරම් රෝගියාට වාසනාව උරුම වී තිබේග

රෝගියා මුලින්ම රෝහලට ඇතුළු කරනවිට සාමාන්‍ය කැස්සක් තිබුණාග ඊට අමතරව මොහු තුනටියේ අධික වේදනාවකින් පීඩා වින්දාග ක්‍රමයෙන් රෝගියාට ඇවිදිමට අපහසු වුණාග රෝගියාගේ රුධිර පරීක්ෂණයක් කළාග නමුත් විශේෂිත යමක් සොයා ගැනීමට අපහසු වුණාග ඊට පසුව කළ එම්ගආර්ගඅයිග පරීක්ෂණයේදී රෝගියාගේ කොදු ඇට පෙළට පසුපසින් සහ සුසුම්නාවට ඉදිරියෙන් සැරව ගෙඩියක් ඇති බව සොයා ගත්තේ යැයි මේ සැත්කම සිදුකළ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා දිනමිණ සමඟ කළ සාකච්ඡාවේදී අනාවරණය කළේයග

පළමුවෙනි සහ දෙවැනි කටී කශේරුකා දෙක අතර මේ සැරව ගෙඩිය තිබුණාග එම සැරව ගෙඩිය සෙන්ටි මීටර හතරක් උසට සහ සෙන්ටි මීටර් දෙකක් පළලට තිබුණාග සැරව ගෙඩිය සුසුම්නාවේ තෙරපෙන නිසා රෝගියාට අධික වේදනාවක් දැනුණාග නමුත් කොදු ඇට පෙළ කපා මේ සැරවගෙඩිය ඉවත් කළා නම් රෝගියා බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවාග සැත්කමෙන් පසු මාස ගණනක් රෝහලේ නතරවී ඉන්නත් වෙනවාග රෝගියාට ඇවිදීමට ලැබෙන්නේ සති කීපයකට පසුවයිග අඩුම තරමේ වාඩි නොවී පවා දිගු කළක් ඉන්න ඕනග ඒ වගේම බද පටියක් පැළදිය යුතුයිග කොදු ඇට පෙලේ අස්ථි කපා සැත්කම කළ විට රෝගියාට මේ අපහසුතාවලට මුහුණපෑමට සිදුවෙනවාග නමුත් මේ විස්මිත සැත්කම සිදු කළ ආකාරය වෛද්‍ය අත්තනායක මහතා මෙසේ හෙළි කළේයග

ප්‍රථමයෙන් රෝගියා ශල්‍යාගාරය තුළදී නිර්වින්දනය කළාග ඊට පසුව මුනින් අතට හරවා වක්‍රාකාරව තබා සැත්කම සිදු කළාග සෙන්ටීමටර් තුනක පමණ කොටසක් හමෙන් විවර කළාග සැත්කම කරන අතරේ විටින් විට එක්ස් රේ ගත්තාග එක්ස් රේ බලමින් සැත්කම සිදු කළාග පළමු සහ දෙවැනි කශේරුකා දෙක අතර තිබුණ සැරව ගෙඩිය කොදු ඇට පෙළ නොකපා ඉවත් කිරිම තමයි මෙහි විශේෂත්වයග අඩු පීඩන යන්ත්‍රයක් උපයෝගී කරගෙන සැරව ඉවත් කළාග පැය දෙකක පමණ කාලයක් සැත්කම කිරීමට ගත වුණාග

රෝගියාට සිහිය ලැබුණ පසු ඇවිදීමට සැලැස්සුවාග සාමානය ලෙස රෝගියා මුත්‍රා කළාග සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණාග මේ සැත්කමට පැය දෙකක් ගතවුණත් අවශ්‍ය නම් පැය භාගයකින් සැත්කම නිම කරන්න තිබුණාග එහෙම උනානම් රෝගියා බොහෝ අපහසුතාවලට පත්වෙනවාග අඩුම තරමින් මාස දෙක තුනක්වත් රෝහලේ ඉන්න ඕනග නමුත් කොදු ඇට පෙලේ අස්ථි නොකපා සැත්කම සිදුකිරීම නිසා රෝගියා දින දෙකකින් රෝහලෙන් බැහැරව ගියාග එසේ නොවුනා නම් රජයට විශාල වියදමක් දැරීමට සිදුවෙනවාග තවද රෝගියාට මෙන්ම රෝගියාගේ ඥාතීන්ටද මෙය විශාල කරදරයක් වෙනවා යැයිද වෛද්‍ය අත්තනායක මහතා තවදුරටත් සඳහන් කළේයග

මේ සැත්කමට මුහුණ දුන් ඒගඑච්ග සුනිල් නැමති පනස් හතර හැවිරිදි එක්දරු පියා බද්දේගම වෑනියරවෙල පදිංචිකරුවෙකිගවිස්මිත සැත්කමක් මගින් මේ රෝගියාගේ සුසුම්නාව ආශ්‍රිතව තිබූ සැරව ගෙඩිය ඉවත් කිරීමේ පුවත දැනගත්විට අපි ඔහුගේ නිවස සොයා ගියෙමුග එහිදී සැත්කමට මුහුණදුන් සුනිල් ඉතා නීරෝගීව සිටින අයුරු දැකගන්නට ලැබුණිග

සුනිල් තම රෝගය පිළිබඳ මෙසේ තොරතුරු හෙළි කළේයග මගේ බිරිද විදේශ රැකියාවකට ගොස් සිටිනවාග අපට එක දුවෙක් පමණක් ඉන්නවාග මීට අවුරුදු දෙකකට පමණ පෙර මගේ තුනටියේ වේදනාවක් ආවාග ඊට පසු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ගත්තාග නමුත් සුවයක් ලැබුණේ නැහැග වේදනාව තිබුණත් මම දිගටම පෙදරේරුවෙකු වශයෙන් රැකියාව කළාග

රෝගය වැළදී වසර එකහමාරක් පමණ මම වේදනාවෙන් පීඩා විදිමින් සිටිනවිට මගේ දුව අනතුරකට මුහුණපා රෝහල් ගතකළාග ඊට පසු දුව බැලීමට මම රෝහලට ගොස් රෝගීන්බැලීමට යාම සදහා ගේට්ටුව අරින තුරු රැදී සිටියාග ඒ වේලාවේ එක්වරම මගේ කකුල් පණ නැති වී බිම වැටුණාග ඒ සමඟම කලාන්තයක් හැදුණාග එවිට මගේ බෑණා බද්දේගම දිසා රෝහලට රැගෙන ගියාග එහිදී මස්පිඩු පෙරලීමක් කියා බෙහෙත් දුන්නාග නමුත් සුවය ලැබුණේ නැහැග මාස දෙකකට පමණ පසු වේදනාව ඉවසිය නොහැකි තරමට අසාධ්‍ය වුණාග ඊට පසු කරාපිටිය රෝහලට ඇතුලු කළාග එහිදී විශේෂඥ වෛද්‍ය දිපාල් අත්තනායක මහතා මගේ රෝගය පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ පවත්වා අවසානයේ මේ සැත්කම කළාග

සැත්කම කළොත් මා ඔත්පල වනබව කීපදෙනෙක්ම කිවාග ඒ නිසා මම හරි බයෙන් හිටියේග නමුත් දෙවියෙක් වැනි දීපාල් අත්තනායක දොස්තර මහත්තයාට පින්සිද්ධ වෙන්න මම විදපු වේදනාවෙන් නිදහස් වුණාග දැන් හරිම සැහැල්ලුවක් දැනෙන්නේග තව දින කීපයකින් මම මගේ රැකියාවට යාමට බලාපොරොත්තු වනවා යයිද සුවය ලබා සිටින සුනිල් මහතා අප සමඟ පැවසීයග

0 comments:

Post a Comment

gossippanda