gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

ගලධාරි හෝටල සේවිකාව දුෂණය වූ හැටි හෙළිවෙයි


කොළඹ ගලදාරි හෝටලයේ  සේවකයන් හතරදෙනකු විසින් එම හෝටලයේම සේවිකාවක්  පානදුරේ නැවුරෝ බීච් හෝටලයේදී දුෂණය කරන ලද්දේ එහි පැවති මත්පැන් සාදයක් අතරවාරයේ බව අධිකරණය
හමුවේ අනාවරණය වී තිබේග මෙම සිද්ධියේ පැමිණිලිකාරිය ගලදාරි හෝටලයේ සේවිකාවකිග සෑම වසරකම වසර අවසානයේ එහි සේවක සේවිකාවන් චාරිකාවක නිරත වන අතර  පැමිණිලිකාරිය සහ සැකකරුවන් ඇතුළු පිරිස ඊට සහභාගිව ඇති බව පොලිසිය පානදුර මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ  පැවැසීයග

මෙවර චාරිකාව සඳහා ඔවුන්  පසුගිය 3 දා පානදුර නැවුරෝ බීච් හෝටලයට පැමිණ ඇති අතර  පැමිණිලිකාරිය සමඟ ගලදාරි හෝටලයේ සේවය කරන ඇගේ මිතුරියන් සහ සැකකරුවන් ඇතුළු 19 දෙනකු මෙම චාරිකාවට එක්වී ඇතග

එදින රාත්‍රියේ මෙම හෝටයේදී ඔවුන්  සාදයක් පවත්වා ඇති අතර  එහිදී පැමිණිලිකාරිය සහ ඇගේ මිතුරියන් සහ සැකකරුවන් ඇතුළු පිරිස මත්පැන් පානය කර ඇති බවත් පසුව පැමිණිලිකාරිය නැවුරෝ බීච් හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමෙට ගොස් තිබේග

එසේ ඇය පිහිනුම් තටාකයේ  සිටින අතරතුර මත්පැන් පානය කර තිබු බවත් එහිදී  ඇය තදින් මත්වී සිටි බැවින් ඇගේ මිතුරියක්  හෝටලයේ 101 කාමරය තුළඇය  නිදි කරවා ‍දොර  වසා ඇති  බව  අධිකරණය හමුවේ අනාවරණය වියග

පසුව පළමු සැකකරු එම කාමරයට ගොස් පැමිණිලිකාරිය බරපතළ ලෙස දූෂණය කර ඇති බවත් ඊට සෙසු සැකකරුවන් ආධාර අනුබලදී ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය දන්වා සිටියේයග

මෙම සිද්ධියෙන් පසු පැමිණිලිකාරිය යළි ගලදාරී හෝටලයේ සේවයට ගොස් ඇත්තේ පසුගිය 4 වැනි දා යග පානදුර නැවුරෝ බීච් හෝටලයේදී වූ මෙම සිද්ධිය කිසිවකුට නොකියන ලෙස හා  නැතහොත් ඇය  මරා දමන බවට සැකකරුවන් පැමිණිකාරියට තර්ජනය කර ඇති බවත් පොලිසිය අධිකරණයට සැල කර සිටියේයග

0 comments:

Post a Comment

gossippanda