gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

අගමැතිව වහාම අත්අඩංගුවට ගන්න - ඕමල්පේ සෝභිත හිමි


ඊයේ වත්තෙගෙදර ඉසිපතනාරාමයේ පැවති පූජ්‍ය ගංගොඩවිල සෝම ගුණානුස්මරණ උත්සවයේදී ජාතික හෙළ උරුමයේ පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමි පැවැත්වූ කතාවෙන් කොටසක් මෙසේය.


සෝම හාමුදුරුවො කිව්වේ මිනිසා හදාගෙන රට හදමු කියන දර්ශනය. අපට ඒක අමතක කරවීම සඳහා බලවේග ක‍්‍රියාත්මකයි. මේ දවස්වල කැසිනෝ ගැන කථාවෙනවා. ලේකම්වරු කරන දේවල් ගැන කියනව..මේ ගැන පාර්ලිමේන්තුවේ ඇහුවම අගමැති කියනව. මම දන්නෙ නෑ. මේව ලේකම්වරු කරන වැඩ මම  ඕවට අවසර දීලා නෑ 

කියලා. තමන්ට කායික ශක්තියත් නැත්නම් සිහිකපල්පණාවත් නැත්නම් ඔහු කළ යුතු ලොකුම සේවාව තමයි අගමැති පදවියෙන් අස්වෙන එක. අනික් කාරණේ ඒ ලේකම් වරයාට ඇයි දඬුවම් නොදෙන්නේ. ඒ අතින් බැලූවම අපේ මර්වින් සිල්වා ඇමතිටත් කිසියම් ප‍්‍රතිපත්තියක් තියනව. ඔය මොන මොනව හරි චෝදනා එනකොට මර්වින් සිල්වා එක්කො කියනව එයා මගේ ලේකම් නෙමේ කියල. අනෙක් කාරණාව 

මෙන්න මේකයි. කුඩු ආයෝජනය කරන්න සහයෝගය දෙන එක බුද්ධ ශාසනේ විනාශ කරන්න ප‍්‍රධානතම ආයුධයක් බවට පත්වෙලා. මේ නීතිවිරෝධී අවකල් ක‍්‍රියාවන්ට සහයෝගය දෙන අගමැතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතුයි. අරගෙන ඔහුගේ ඇච්චො බැච්චො ගෝලයො ටිකෙන් හොයන්න  ඕන කවුද මේ කුඩු ව්‍යාපාරයේ මූලිකයො කියල.

0 comments:

Post a Comment

gossippanda