gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

ඩබල්ගේම් මිනී මැරුම් කොන්ත්‍රාත්තුව හෙළිවෙයි


රුපියල් ලක්‍ෂ 7ක කොන්ත්‍රාත්තුවක්‌ දී සොයුරියන් දෙදෙනා හා මස්‌සිනා මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක්‌ හා එම ඝාතනය සිදු නොකිරීමට යෑයි කියා රුපියල් ලක්‍ෂ 3ක කප්පම් මුදලක්‌ ඉල්ලූ මැර
කල්ලියේ සාමාජිකයෙක්‌ කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා :05 දා* අත්අඩංගුවට ගනු ලැබූහග ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු සියඹලාණ්‌ඩුව 3 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග

අත්අඩංගුවට ගත් කප්පම් කල්ලියේ සාමාජිකයා යුද හමුදාවෙන් පැන ආ සෙබළෙකු වන අතර ඔහු ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් දැනට මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංවිව සිටින බවත් හෙළිවී ඇතග

ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු පයාගල ඈතගම ගාලු පාරේ පිහිටි ෙi්‍රන්ච් විලා හෝටලය භාරව කලක්‌ කටයුතු කළ අයෙකිග

මෙම හෝටලයේ අයිතිකාරිය එම සැකකරුගේ සොහොයුරිය වන අතර ඇය ප්‍රංශ ජාතික පොලිස්‌ නිලධාරියකු සමග විවාහවී දැනට ප්‍රංශයේ පදිංචිව සිටීග

දෙමාපියන් මිය ගිය පසු සහෝදර සහෝදරියන් අටදෙනා රැක බලාගෙන ඔවුන්ට සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට කටයුතු යොදා ඇත්තේ ඇය බව අනාවරණය වී ඇතග

ඇය සැකකාර සොහොයුරා වයස අවුරුදු 5 සිට රැක බලාගෙන ඇතග ඔහුට ත්‍රිරෝද රථයත්ල යතුරුපැදියක්‌ මිලට ගෙනදී නිවෙසක්‌ද තනාදී ඔහුගේ විවාහ මංගල්‍යයද තම වියදමින් කරදී හෝටලය බලා ගන්නවාට මසකට රුපියල් 50 දාහක වැටුපක්‌ද ඇය විසින් ගෙවා ඇතග රුපියල් ලක්‍ෂ 2 ක්‌ වැය කර ඔහුට සූපවේදි පාඨමාලාවක්‌ ලබාදී ඇති බවත් හෙළිදරව් වී ඇතග 

සැකකරු හෝටලයේ ආදායම අනිසි ලෙස පරිහරණය කරන බවට හෝටලය හිමි සොයුරියට දැනුනු හෙයින් ඇය හෝටලයේ භාරකාරත්වය සැකකාර සොහොයුරාගෙන් ඉවත් කර තවත් සොහොයුරියකට හා ඇගේ සැමියාට පවරා තිබේග

සැකකරු සොයුරියන් දෙදෙනා සහ මස්‌සිනා සමග වෛර බැඳ ඇත්තේ ඉන් පසුවයග

සහෝදරියන් දෙදෙනා සහ මස්‌සිනා ඝාතනය කරවා හෝටලය අයිතිය තමාට ලබා ගැන්මට සිතූ සැකකරු ඒ සඳහා රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ තිදෙනකුට දී තිබේග

තිදෙනකු ඝාතනය කිරීමට රුපියල් ලක්‍ෂ හතක මුදලක්‌ ප්‍රමාණවත් නොවන බව කල්පනා කළ මෙම තිදෙනා මිනීමැරුම් කොන්ත්‍රාත්තුව හරහා මුදලක්‌ සොයා ගැනීමට අදිටන් කරගෙන ඇතග

ඒ අනුව හෝටලයේ භාරකාර යුවළට දුරකථනයෙන් කතා කර ඔවුන්ව මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුවක්‌ ලැබී ඇති බවත් මරා නොදැමීමට නම් රුපියල් ලක්‍ෂ 3 ක කප්පම් මුදලක්‌ අවශ්‍ය බවත් පවසා ඇතග

හෝටලයේ නව භාරකාර යුවළ තමාගෙන් පුද්ගලයකු කප්පම් ඉල්ලන බවට පයාගල පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබිණිග

එමෙන්ම මෙසේ කප්පම් ඉල්ලන බව පිටරට සිටින සොහොයුරියටද දැන්වීමෙන් පසු ඇයද 1 වැනිදා ලංකාවට පැමිණ තිබේග සැකකරුවන්ගේ අරමුණවී ඇත්තේ කප්පම් මුදලුත් ගෙන ඝාතන කොන්ත්‍රාත්තුව ඉටුකිරීම බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇතග

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් ද සිල්වා මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර කළේයග

ඒ අනුව කළ සැළසුමකට අනුව පෙරේදා :5 දා* කප්පම් මුදල් රැගෙන යැම සඳහා හෝටලයට පැමිණි සැකකරු සැඟවී සිටි පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදීග

ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වියග

මෙම සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්‍ෂ තුනක මුදල් මෙන් සැකසූ කඩදාසි පාර්සලයද රම්බෝ වර්ගයේ පිහියක්‌දල ජංගම දුරකථන 3 ක්‌ද අත්අඩංගුවට ගෙන තිබේග

සැකකරුවන් තිදෙනා ඊයේ :6 දා* කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයිග

0 comments:

Post a Comment

gossippanda