gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

පැය දොළහක විස්මිත සැත්කමකින් වෙන් වු අත සහ පාදය එක්කල ප්ලාස්ටික් සැත්කම


යාන්ත‍්‍රික ලී ඉරීමේ යන්ත‍්‍ර දෙකකට හසු වී  වම් අත මැණික් කටුව ළගින්ද දකුණු පාදය දණ හිස ළගින් ද වෙන් වු සේවකයකුට එම අවයව බද්ධ කිරීමේ පැය දොළහක සැත්කමක් සාර්ථකව අවසන් කළ බව
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය කියයි.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් තුනක් මේ සැත්කමට එක් වු බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකයේ ප‍්‍රධානී වෛද්‍ය දුලිප්  පෙරේරා මහතා පවසයි.

දැරණියගල තිදරු පියෙක් (59* මේ සැත්කමට ලක් විය.
මුල්ලේරියාව රෝහලේ සිට තුවාල කරු පස් වැනිදා සවස 4.30 ට ජාතික රෝහලට ඇතුළු කළ බව සැත්කම සම්බන්ධයෙන්  නායකත්වය ගෙන ක‍්‍රියා කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ලේඛකාධිකාරි වෛද්‍ය  කපිල මෙන්ඩිස් මහතා කියයි.

රෝගියාගේ අත් දෙකකුත් පයකුත් කැපී තිබුණා.වෙන් වු කොටස් අයිස් වල බහා නිසි පරිදි රැුගෙන විත් තිබුණා. දකුණු කකුල සම්පුර්ණයෙන් වෙන් වී නොතිබුණත් නහර වලින් එල්ලෙමින් තිබුණා.

දකුණු අත ඉරුම් යන්ත‍්‍රයේ දැති වලට හසු වී ඇඹරිගොස් තිබුණා .ඒ අනුව ඒ අතේ වෙන් වු කොටස බද්ධ කළේ නෑ.එහෙත් වම් අත හා දකුණු පාදය බේරා ගත්තා. සැත්කම් තුනක් එකවිට කිරීමත්, බද්ධ කළ යුතු අවයව  නරක්වීමට පෙර බද්ධ කිරීමත් අප මුහුණ දුන් ලොකු අභියෝගයක් .එහෙයින් වෛද්‍යවරුන් දෙදෙනා බැගින් කණ්ඩායම් දෙකකට බෙදී වම් හා දකුණු අතට කණ්ඩායම් දෙකකුත් දකුණු කකුලට තවත් කණ්ඩායමකුත් යොදා ගැනුණා.

තුවාලකරුගේ පාදයේ ලේ නහර වලට හානි සිදු වී තිබුණේ නැහැ .ඒක විශේෂ වාසියක්.රෝගියාගෙන් අධික ලෙස ලේ වහනය වීම නිසා  ඔහු යම් තරමතට අඩපණ වී සිටිනවා.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ උප ප‍්‍රධාන ශල්‍ය වෛද්‍යවරුන් වන ධම්මික දිසානායක හා  කුෂාන්  බෙනරගම මහත්වරු මෙසේ පැවසුහ.
මෙවැනි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමේදී ආරක්ෂක ආවරණද ආරක්ෂක ක‍්‍රමද භාවිත නොකිරීම නිසා  මේ අනතුරු සිදුවනවා.අත් පා යන්ත‍්‍රවලට හසුවීමෙන් තුවාල වන අයගේ සංඛ්‍යාව ඉහළ යන බව පේනවා.

0 comments:

Post a Comment

gossippanda